සේනා දළඹුවන් මර්දනය කිරීම සඳහා පරපෝෂිතයෙකු සහ වෛරසයක් සොයාගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත්, අම්පාර ප්‍රදේශයේ බඩඉරිඟු වගාවේ නිරත ගොවීන් කියා සිටියේ කිසිදු කෘෂි රසායන දියරයකට හෝ කෘමි නාශක වර්ගයකට මෙම සේනා දළඹු උවදුර පාලනය කළ නොහැකි බවයි.
මේ අතර, රටට අවශ්‍ය බඩඉරිඟු නිෂ්පාදනය අනුරාධපුරය මුල් කර ගනිමින් සිදුකළ හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
එප්පාවල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ මෙරටට අවශ්‍ය බඩඉරිඟු අවශ්‍යතාවයෙන් සියයට 80 ක් මේ වනවිට විදෙස් රටවලින් ආනයනය කෙරෙන බවයි.