ඉන්දියාව සමඟ පැවති එක්දින තරඟාවලිය තවත් තරඟයක් ඉතිරිව තිබියදී දෙකට බිංදුවක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
ඊයේ පැවති දෙවන තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක්රීඩකයින් නියමිත පන්දුවාර පනහ අවසානයේදී කඩුළු 07 ක් දැවී ලකුණු 271 ක් ලබා ගත්තා.
එහිදී මෙහෙදි හසන් පන්දු 83 කදී නොදැවී ලකුණු 100 ක් රැස් කළා.
ජයග්රාහී ඉලක්කය හඹාගිය ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 09 ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 266 ක් පමණයි.
ඒ අනුව ලකුණු 05 කින් තරඟය ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.