කොළඹ ප්රසිද්ධ පාසලක 14 හැවිරිදි දැරියක් අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කළ බව කියන පෞද්ගලික බැංකු කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු විසින් අවස්ථා කිහිපයකදී අදාළ දැරිය අඳුරු වීඳුරු සහිත ජීප් රථයකින් කොළඹ ප්රදේශයේ රථ ගාල්වලට රැගෙන ගොස් මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බවටයි වාර්තා වන්නේ.
කොළඹ ප්රදේශයේ පදිංචි මෙම දැරිය සමඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත්තේ දැරියගේ නිවසට අදාළ බැංකු කළමනාකරු විසින් කාර්යාලයීය කටයුත්තක් සඳහා ලබාදුන් ඇමතුමක් ඔස්සේයි.
අත්අඩංගුවට ගත් 50 හැවිරිදි මෙම බැංකු කළමනාකරුටද වයස අවුරුදු 13 සහ 17 යන වයස්වල පසුවන දැරියන් දෙදෙනෙකු සිටින බවටයි අනාවරණ වී ඇත්තේ.
බැංකු කළමනාකරු කිරුලපන ප්රදේශයේ පදිංචි අයෙක් වන අතර, ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.