ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ මහා විද්‍යාලයක ආපනශාලාවේ මත්ද්‍රව්‍ය තිබෙන බවට අසත්‍ය තොරතුරු ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ගම්පහ කොට්ඨශ අපරාධ විමර්ශන අංශය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ආපනශාලාව පවත්වාගෙන ගිය කාන්තාව සමඟ කලක සිට පවතින ආරවුලක් මත සැකකරු අයිස් මත්ද්‍රව්‍ය පැකට් මෙම විද්‍යාලයේ ආපනශාලාවේ ආහාර රාක්කයේ සඟවා තබා පොලිසියට අසත්‍ය තොරතුරු ලබාදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පාසලක ආපනශාලාවේ තිබියදී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සහ මත්කරල් 38ක් පසුගිය සදුදා සොයාගෙන තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාල ආපනශාලාව පවත්වාගෙන ගිය කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණාා.
පසුව ඇය ගම්පහ අධිකරණයෙන් ලබාගත් රැදවුම් නියෝග මත ඉකුත් 06 වනදා සිට මල්වතුහිරිපිටිය පොලිසියේ රඳවා තබා වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබුවා.