ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයට ඇතුළුවන ඒකකයෙහි වළ දමා තිබූ ජංගම දුරකථන 05 ක් හමුවී තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජංගම දුරකථනවලට අමතරව, සිම්කාඩ්පත් සහ චාජර් 05 ක් සොයා ගෙන ඇති බවයි.
සිරකරුවන් විසින් බන්ධනාගාර පරිශ්රය තුළ කාණුවක් අළුත්වැඩියා කිරීම සඳහා බිම සකස් කරමින් සිටියදී ඊයේ මෙම ජංගම දුරකථන හමුවී තිබෙනවා. මෙම ජංගම දුරකථන වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාර මූලස්ථානය වෙත යොමුකර ඇති බවයි එහි ප්රකාශකයෙකු සඳහන් කළේ.