
ශ්‍රී ලංකාවේ නිල සංචිත ප‍්‍රමාණය නොවැම්බර් මාසයේදී ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව නිල සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 1705 සිට ඩොලර් මිලියන 1804 දක්වා නොවැම්බර් මාසයේදී ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. එය 5.8% ක වැඩිවීමක්.
එසේම, විදේශ මුදල් සංචිතයද අමෙරිකානු ඩොලර් මිලියන 1610 සිට ඩොලර් මිලියන 1732 දක්වා නොවැම්බර් මාසයේදී ඉහළ ගොස් තිබෙනවා. එය 7.6% ක ඉහළ යෑමක්.