තම 11 හැවිරිදි සොහොයුරා වායු රයිෆලයකින් තැබූ උණ්ඩයක කැබැල්ලක් ගෙලෙහි වැදී අවුරුදු දෙකක් වයසැති දැරියක් බරපතල තුවාල ලැබූ පුවතක් පස්යාල – දෙමටදෙණිකන්ද ප්රදේශයෙන් වාර්තා වුණා.
වායු රයිෆල් උණ්ඩයේ කොටස දැරියගේ උගුර ප්රදේශය පසාරු කරගෙන ගොස් ඇති අතර, ඇය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබනවා.
11 හැවිරිදි ඇයගේ සොහොයුරා වායු රයිෆලයෙන් බිත්තියට වෙඩි තබා ඇති අතර, එම අවස්ථාවේදීයි දැරිය අනතුරට ලක්ව ඇත්තේ.
මීට පෙර කතරගම – දෙටගමුව ප්රදේශයේදී සිය බාප්පා අතැතිව තිබූ වායු රයිපලයක් ස්වයංක්රීයව ක්රියාත්මක වීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකළ පස්හැවිරිදි දරුවා මියගොස් තිබුණේ පසුගිය 17 වනදායි.