/
/
title icon වකුගඩු ජාවාරමේ පරීක්ෂණවලට සහය දෙන බව චෝදනා එල්ල වූ පෞද්ගලික රෝහල කියයි.
වකුගඩු ජාවාරමේ පරීක්ෂණවලට සහය දෙන බව චෝදනා එල්ල වූ පෞද්ගලික රෝහල කියයි.
Editor
1 year ago
Share:
වකුගඩු ජාවාරමේ පරීක්ෂණවලට සහය දෙන බව චෝදනා එල්ල වූ පෞද්ගලික රෝහල කියයි.

වකුගඩු ජාවාරම් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා සහය ලබාදීමට සූදානම් බව පසුගියදා වකුගඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බොරැල්ල කොටා පාරේ පිහිටි පෞද්ගලික රෝහල නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අදාළ චෝදනා පදනම් විරහිත බවයි. වකුගඩු සම්බන්ධ සැත්කම්වලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත කි‍්‍රයාවලියක් අනුගමනය කෙරෙන බවද එහි දක්වා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් තැරැව්කරුවෙකු දෙසැම්බර් 13 වැනිදා දක්වා මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කරයි සිටින්නේ.

මෙම චෝදනාව මත අදාළ පෞද්ගලික රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරීයා ඇතුළු අධ්‍යක්ෂවරුන් 06 දෙනෙකුට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීමද තහනම් කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙය වන්නේ කොළඹ අපරාධ කොට්ඨාශයයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required