ජපාන ණය ආධාර යටතේ ආරම්භ කිරීමට සැළසුම් කළ කොළඹ – මාළඹේ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව අවසන් කිරීමෙන් රුපියල් මිලියන 5,978ක මුදලක් අපතේ ගොස් ඇති බව විගණන වාර්තාවකින් හෙළි වී තිබෙනවා.
එම ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශන සමාගම බේරුම්කරණය සඳහා ජාත්‍යන්තර අධිකරණයට යාමට තීරණය කළහොත් ඊට අදාළ තවත් අමතර අධික පිරිවැයක් දැරීමට සිදුවන බවද එම වාර්තාවේ සඳහන්.
මෙම ව්‍යාපෘතිය ඒක පාර්ශ්විකව අවසන් කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයෙන් ජපානය සමඟ පැවති දිගු කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලටද බලපෑම් එල්ල විය හැකි බව විගණන වාර්තාවේ වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
කොළඹ මාර්ග තදබදය අවම කිරීම සහ මගී ජනතාවට වඩාත් යහපත් ප්‍රවාහන සේවාවක් ලබාදීමේ අරමුණ ඇතිව ජපන් ණය ආධාර යටතේ ගිවිසුම්ගතව මෙම සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කළේ 2016 වසරේදීයි.
කෙසේ වෙතත් 2020 වසරේ සැප්තැම්බර් 28වන දින එම ව්‍යාපෘතිය අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා.
ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව මෙම ව්‍යාපෘතිය අවලංගු කිරීම පිළිබඳව විශේෂ විගණන වාර්තාවක්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එමගින් පෙන්වා දෙන්නේ, එවකට සිටි ජනාධීපතිවරයාගේ නියෝගය මත එම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව අවලංගු කිරීමෙන් රුපියල් මිලියන 5,978ක මුදලක් අපතේ ගොස් ඇති බවයි.
ව්‍යාපෘතිය අවලංගු කිරීම නිසා තමන්ට සිදුවන අලාභය වෙනුවෙන් ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශක සමාගම, රුපියල් මිලියන 5,169ක වන්දි මුදලක්ද ඉල්ලා ඇති බවත් ඒ සඳහා කටයුතු කරමින් සිටින බවත් වාර්තාවේ සඳහන්.
මෙම ව්‍යාපෘතියේ ණය ගිවිසුම අවලංගු කිරීම සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීම ජයිකා ආයතනය ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙන් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් බේරුම්කරණ කාර්යයකට මුහුණ පෑමට ඉඩ ඇතැයි ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
තවද මෙවැනි ව්‍යාපෘතියක් ඒකපාර්ශවීය අවසන් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විදේශ අමාත්‍යාංශය හරහා ජපන් රජය දැනුවත් කිරීමට කටයුතු කර නොමැති බවත් එම වාර්තාවේ දැක්වෙනවා.