/
/
title icon “මැන්ඩවුස්” සුළි කුණාටුවේ බලපෑමෙන් නිවාස 1300 කට හානි.
“මැන්ඩවුස්” සුළි කුණාටුවේ බලපෑමෙන් නිවාස 1300 කට හානි.
Editor
1 year ago
Share:
“මැන්ඩවුස්” සුළි කුණාටුවේ බලපෑමෙන් නිවාස 1300 කට හානි.

මැන්ඩවුස් සුළි කුණාටුව නිසා හටගත් අයහපත් කාළගුණයෙන් පුද්ගලයන් 4335 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.

එමෙන්ම නිවාස 1302 කට හානි සිදුව ඇති බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.

මැන්ඩවුස් සුළි කුණාටුව අද රාත‍්‍රිය වනවිට උතුරු තමිල්නාඩුව දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.

මේ හේතුවෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට දිස්ත‍්‍රික්කයේත් පැයට කිලෝමීටර 60 – 70 ක් පමණ තද සුළං ඇති විය හැකියි.

එමෙන්ම උතුරුමැද පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required