/
/
title icon ඩයනාගේ පැමිණිල්ලකට සජිත් සහ මද්දුමබණ්ඩාරට නොතීසි.
ඩයනාගේ පැමිණිල්ලකට සජිත් සහ මද්දුමබණ්ඩාරට නොතීසි.
Editor
1 year ago
Share:
ඩයනාගේ පැමිණිල්ලකට සජිත් සහ මද්දුමබණ්ඩාරට නොතීසි.

සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාසට සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට ලබන වසරේ ජනවාරි 25 වනදා කොළඹ දිසා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අද නොතීසි නිකුත් කෙරුණා.

ඒ, ඔවුන් විසින් එම තනතුරු දැරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පැමිණිල්ලට අදාළවයි.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම එම නියෝගය ලබා දුන්නේ.

පෙත්සම්කාරිය කියා සිටින්නේ සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව පිටස්තර පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයෙකුට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය දැරිය නොහැකි බවයි.

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර වෙනත් පක්ෂයක සාමාජිකයින් වශයෙන් කටයුතු කරන බවත්, තමන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකළ විනය ක‍්‍රියාමාර්ගවලට එරෙහිව ඔවුන් විසින් අධිකරණය හමුවේ නඩු පවරා ඇති බවත් පැමිණිල්ලෙන් පෙන්වා දෙනවා.

ඒ අනුව සජිත් ප්‍රේමදාසට සහ රංජිත් මද්දුම බණ්ඩාරට සමගි ජනබලවේගයේ තනතුරුවල කටයුතු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ඇය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required