වෙළදපොළේ ආනයනික කිරිපිටි මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ග්රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1240 ක් වන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.
ග්රෑම් 400 ආනයනික කිරි පිටි මිල ගණන් මින් පෙර වෙළදපළේ පැවතියේ රුපියල් 1160 ත් රුපියල් 1180 ත් අතර මිල ගණන් යටතේයි.
සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් මෙලෙස කිරිපිටි මිල ඉහළ ගොස් ඇති බවද කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ලක්ෂ්මන් වීරසුරිය සඳහන් කළා.