ණය සේවාකරණ අත්හිටුවීමේ වැඩපිළිවෙල ක‍්‍රියාවට නැංවීම සහ සාධාරණ හා සමාන ණය ප‍්‍රතිව්‍යුහගතකරණ සැලැස්මක් සකස් කිරීම සඳහා ජි-20 සාමාජික රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය එකඟ වී තිබෙනවා.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිවා, චීන අග‍්‍රාමාත්‍ය ලී කෙකියෑන් අතර හුවන්ග්ශාන් නගරයේ ඊයේ පැවති හමුවේදී මෙම තීරණය ගෙන ඇති බවයි.
මෙම හමුවට චීන මුදල් අමාත්‍යවරයා මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂවරයාද එක්වුණා.
එසේම ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් සහ චීන අග‍්‍රාමාත්‍යවරයා අතර හමුවක්ද පවත්වා තිබෙනවා.
මේ අතර චීන එක්සිම් බැංකුව සහ චීන සංවර්ධන බැංකුවේ සභාපතිවරුන් චීනයේ සංචාරයක නිරත වන ලෝක බැංකු කණ්ඩායමට සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය ඇතුළු නියෝජිත පිරිසට ඊයේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් පිරිනමා තිබෙනවා.
එහිදී ජාත්‍යන්තර ආර්ථික තත්වය හා ශ‍්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ණය පිළිබඳ ඔවුන් ධනාත්මක සාකච්ඡාවක නිරත වී ඇති බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කලේ.