
මත්ද්‍රව්‍ය රැගෙන ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් මෙම මෙහෙයුම ඊයේ සිට ආරම්භ කර ඇති අතර, ඊයේ දිනයේදීම තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔවුන් ගංජා සහ නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි ළඟ තබාගෙන සිට ඇති අතර, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු විස්සත් 30 ත් අතර තරුණයින් තුන්දෙනෙක්.