අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නිවාඩු ලබාදී තිබුණු සියළුම රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට දින නැවත අරඹන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් ප‍්‍රකාශ කළා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් කළ විමසීමකට අනුව පැවති තත්වය හේතුවෙන් පසුගිය සිකුරාදා සියළුම රජයේ සහ රජයේ අනුමත පාසල්වලට නිවාඩු ලබාදීමටයි අධ්‍යාපන බලධාරින් තීරණය කරනු ලැබුවේ.