ලබන වසරේදී කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් ආයතන 08 ක් සම්බන්ධයෙන් වැදගත් තීන්දුවක් ගන්නා බව කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
අගුණුකොළපැළැස්සේ පිහිටි තම කුඹුරු ඉඩම අස්වැද්දීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ මිල්කෝ ආයතනය සහ පශු සම්පත් සංවර්ධනය මණ්ඩලය එක් ආයතනයක් බවට පත්කරන බවයි.
එමෙන්ම, පොහොර බෙදාහැරීම සඳහා පවතින සමාගම් දෙකක් වන ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම එක් සමාගමක් බවට පත්කරන බවත් හෙක්ටර්කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු ආයතනය මෙන්ම අනුරාධපුරය පසු අස්වනු තාක්ෂණ ආයතනයත් එක් ආයතනයක් බවට පත්කෙරෙනු ඇති.
ලංකා හදබිම අධිකාරිය සහ ආහාර ප්‍රවර්ධන මණ්ඩලයද එක් ආයතනයක් බවට පත් කෙරෙනවා.