දෙමල දේශපාලන පක්ෂ අනිද්දා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ හමුවීමට නියමිතයි.
මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පස්වරු 5.30 ට පැවැත්වෙන බවයි දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහන් කළේ.
ඒ අනුව දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ සහ දෙමළ ජාතික ජනතා සන්ධානය මෙම සාකච්ඡාව සඳහා එක්වනු ඇති.
මීට පෙර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, ටෙලෝ සහ ෆ්ලොට් සංවිධාන නියෝජිතයන් වෙන් වෙන්ව ගොස් ජනාධිපතිවරයා මුණගැසී තිබුණා.
කෙසේ වෙතත් වවුනියාව නගරයේදී සිවිල් සංවිධාන කිහිපයක පිරිස් දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන්ගේ ඡායාරූප පෙළකට තක්කාලි ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
දෙමළ දේශපාලඥයින් ජනතා ද්‍රෝහින් බවට පවසමින් මෙලෙස තක්කාලි ප‍්‍රහාර එල්ල කර ඇති බවටයි වාර්තා වන්නේ.