සමගි ජන බලවේගය විනාශ කිරීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප‍්‍රකාශ කළා.
ඒ, බොරැල්ල කැම්බල්පිටියේ අද පැවති සමගි ජන බලවේගයේ සංවත්සරයට එක්වෙමින්.
සමගි ජන බලවේගයේ සංවත්සරට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා සහ චන්දිම වීරක්කොඩි ද එක්ව සිටීම විශේෂත්වයක්.
මෙහිදී සමගි ජන බලවේගයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස ඒකමතිකව යළිත් තෝරා පත්කරගනු ලැබූ අතර පක්ෂ මහලේකම් ලෙස යළි තේරී පත්වූයේ රංජිත් මද්දුම බණ්ඩාරයි.
එමෙන්ම පක්ෂයේ සභාපති ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, භාණ්ඩාගාරික ලෙස ආචාර්ය හර්ෂද සිල්වා සහ ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක යළිත් තේරී පත්ව තිබෙනවා.
සභාව ඇමතූ විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස කියා සිටියේ ජනවාර්ගික ගැටලූවට ඒකීය ශ‍්‍රී ලංකාවක් තුළ බලය බෙදීමට කටයුතු කරන බවයි.