වාහනවල චැසි අංක සහ එන්ජින් අංක ව්‍යාජ ලෙස සකස් කර අළෙවි කිරීමේ ජාවාරමක නිරත වූ තිදෙනෙකු රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් වාහන හතරක් සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි මෙම ජාවාරම පිළිබඳව තොරතුරු අණාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 54 සහ 58 යන වයස්වල පසුවන වැලිවේරිය, මිනුවන්ගොඩ සහ පොළොන්නරුව ප‍්‍රදේශවල පදිංචිකරුවන්.
මොවුන් කල්බදු වාරික ගෙවීමට අපොහොසත් වන වාහන අඩු මිලට ලබාගෙන ලීසිං සමාගම් විනාශ කරන වාහනවල ලියාපදිංචි සහතික යොදා චැසි, එන්ජින් අංක සහ ලියාපදිංචි සහතික ව්‍යාජ ලෙස සකස් කර ජාවාරම ක‍්‍රියාත්මක කර ඇති බවට හෙළිව තිබෙනවා.
එලෙස වෙනස් කරන ලද වාහන විශාල සංඛ්‍යාවක් ඔවුන් විසින් මේ වන විට අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.