පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ධීවරයන් 05 දෙනෙකු පමණ අතුරුදන් බව
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා.
මඩකලපුව, ත්රීකුණාමලය සහ ගාල්ල දිස්ත්රික්ක වලින් බහුදින ධීවර යාත්රා තුනකින් මසුන් මැරීම
සඳහා පිටත්ව ගිය ධීවරයින් පිරිසකුයි මෙලෙස අතුරුදන්ව ඇත්තේ.
පැවති සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් මෙම බහුදින යාත්රා පෙරලී යාමෙන් අනතුරු
සිදුව ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත
කහවත්ත කියා සිටියා.