/
/
title icon
රේගුවේ සිරවූ කිරිපිටි කිලෝ ලක්ෂ හතරක් මුදා හැරේ.
රේගුවේ සිරවූ කිරිපිටි කිලෝ ලක්ෂ හතරක් මුදා හැරේ.
Editor
2 years ago
Share:
රේගුවේ සිරවූ කිරිපිටි කිලෝ ලක්ෂ හතරක් මුදා හැරේ.

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් නිදහස් කිරීමට අනුමැතිය නොලැබීම හේතුවෙන් වරායේ සිරවී තිබූ කිලෝග‍්‍රෑම් ලක්‍ෂ 4ක කිරිපිටි තොගය රුපියල් මිලියන 118 ක බැංකු ඇපකරයක් මත අදාළ සමාගම නිදහස් කරගෙන තිබෙනවා.

අදාළ කිරිපිටි තොගය වරාය තුළ දින 37ක කාලයක් රඳවා තබා ගැනීම හේතුවෙන් නැව් සමාගමට හා වරාය වෙත රුපියල් ලක්ෂ 96ක ප‍්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුව තිබුණා.

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ද පසුගියදා සංවාදයට බඳුන් වුණා.

මේ අතර පසුගිය 9 වනදා ග‍්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1240 ක් දක්වා ඉහල දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required