වායු දූෂණය හේතුවෙන් පරිසරයට මෙන්ම ජන ජීවිතයටද බලපෑම් එල්ල වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය එම්.ටී.එම්. මහීස් පවසනවා.
ඔහු කියා සිටියේ වායු දූෂණය හේතුවෙන් නගර ආශ‍්‍රිතව ජීවත්වන ජනතාවගේ ජීවන රටාවන්වල වෙනස්කම් දැකිය හැකි බවයි.
මේ අතර, ඇමෙරිකානු වායු තත්ත්ව දර්ශකයට අනුව මීගමුව නගරයේ වායු තත්ත්ව දර්ශකය දැක්වුණේ ඒකක 158 ක් ලෙසයි. කොළඹ නගරයේ වායු තත්ත්ව දර්ශකය ඒකක 111ක් ලෙස දැක්වුණා.