
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔහු කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තරංගා මහවත්ත හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී මහේස්ත‍්‍රාත්වරිය පෙන්වා දුන්නේ සැකකරුට ඇප අවශ්‍ය නම් ඒ පිළිබඳව මහාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙන බවයි.
ඒ පිළිබඳව තීරණයක් ගැනීමට නීතිපතිවරයාට හැකියාව තිබෙන බවද මහේස්ත‍්‍රාත්වරිය එහිදී ප‍්‍රකාශ කළා.
එහිදී අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ සැකකරු ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අනුමැතිය පළ කිරීමක් සිදු නොකරන බවයි.
සැකකාර වසන්ත මුදලිගේ 2015 වසරේ විශ්වවිද්‍යාලයට ඇතුළත්වී මේ වනවිට වසර අටක් ගතවී තිබුණත් ඔහු තවමත් පළමු වසරේ සිසුවෙකු බව ඔහු කියා සිටියා.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට මෙවැනි ප‍්‍රචන්ඩ බලයක් ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා විමර්ශනයක් සිදුකළ යුතු බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ පැවසුවේ.
අනතුරුව සියලූ කරුණු සළකා බැලූ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාවරිය ත‍්‍රස්ත මර්දන කාර්යාංශයට නියෝග කළේ, සැකකරුට එරෙහිව ඇති සියළු සිද්ධීන්ට අදාළ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ලබන මස 17 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.