ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට ඉන්දියාව කටයුතු කරන බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ බහුකාර්ය මිසයිල නෞකාවක් වන ඉන්දීය නාවික හමුදාවේ සහ්යද්රි නෞකාව කොළඹ වරායට ළඟාවීමෙන් පසු පැවති උත්සවයේදී අදහස් දක්වමින්.
පුහුණු ක්රියාකාරකම් තුළින් ශ්රී ලංකා නාවික හමුදාවේ ධාරිතාව ඉහළ නැංවීමට කටයුතු කරන බවද ඉන්දීය මහ කොමසාරිස්වරයා ප්රකාශ කළා. ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්රධානී අද්මිරාල් ආර්. හරිකුමාර් ද මේ වනවිට ශී්ර ලංකාවේ සිව්දින නිල සංචාරයකට එක්ව සිටිනවා.