උතුරු – නැගෙනහිර පළාත්වල සිදුවූ සත්ව මරණවලට හේතුව අධික ශීතල නිසා ඇතිවූ කම්පන තත්වයක් බව විමර්ශනවලින් තහවුරු වූ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
මේ හේතුවෙන් එම පළාත්වල එළ ගවයින්, මී ගවයින් සහ එළුවන් 1660 ක් පමණ මියගොස් තවත් සතුන් විශාල සංඛ්‍යාවක් අසාධ්‍ය තත්වයට පත්වී තිබුණා.
ඒ අනුවයි පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඊට අදාළ විමර්ශනයක් සිදුකළේ.