පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට හා ඔහුගේ පුත‍්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි සරසවි සිසුන් 10 දෙනා මේ මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔවුන් ඊයේ මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එමෙන්ම, සිද්ධියට අදාළව තවත් සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔවුන්ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පසුගිය 10 වනදා මහාචාර්ය අතුල සේනාරත්නගේ පුත‍්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදි කිහිපයක ගැටී ඇති අතර එහි දී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සිසුන් පිරිසක් පැමිණ හිටපු උප කුලපතිවරයාගේ නිල නිවසේ දේපලවලටද අලාභ හානි සිදු කරමින් මෙම පහර දීම සිදු කර තිබුණා.
එම අවස්ථාවේ දී පහරකෑමට ලක්වූ මහාචාර්යවරයා සහ ඔහුගේ පුත‍්‍රයා ප‍්‍රතිකාර සඳහා ඇතුලත් කෙරුණේ පේරාදෙණිය රෝහලටයි.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් වහාම නීතිය කි‍්‍රයාත්මක කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා.
එසේම, මේ පිළිබඳ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ද සංවාදයට බදුන් වූ බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ.