
බලය බෙදීම සම්බන්ධයෙන් සාධනීය සාකච්ඡාවක් ජනාධිපතිවරයා සමඟ ඊයේ පැවති බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.වී. විග්නේෂ්වරන් ප‍්‍රකාශ කළා.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සර්ව පාක්ෂික සමුළුව පැවැත්වුණේ ජාතික ගැටළු සම්බන්ධයේ විසඳුම් සෙවීමට අදාළවයි.
මෙම සමුළුවට අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් එක්ව සිටියා.
කෙසේ වෙතත් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක හෝ එම පක්ෂයේ කිසිවෙකු මෙම සමුළුවට සහභාගි වී සිටියේ නැහැ.