
බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට පෝලීමක රැඳී සිටියදී දරුවෙකු ප‍්‍රසූත කිරීමේ ලකුණු පහළ වීම හේතුවෙන් රෝහල් ගත කර මෙලොව එළිය දුටු බිළිඳිය සහ මව අද රෝහලෙන් පිටව ගියා.
අදාළ මව පසුගිය ජුලි මස 7 වනදා මෙලෙස රෝහල් ගත කෙරුණු අතර, ඊයේ දිනය වනතුරු ඇය මාස 5 ක කාලයක් පුරාවට බොරැල්ල කාසල්වීදිය කාන්තා රෝහලේ ප‍්‍රතිකාර ලැබුවා.
සිය සැමියාට විදේශ ගමන් බලපත‍්‍රය ලබා ගැනීම ස`දහා පැමිණ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට සිටියදී ඇය මෙම සිද්ධියට මුහුණ පෑ අතර, එහි සිටි යුද හමුදා නිලධාරින්ගේ මැදිහත්වීම මතයි රෝහලට ඇතුළත් කෙරුණේ.
මව සහ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වීම හේතුවෙන් ඔවුන් රෝහලෙන් පිටත්කර යැවූ බවයි කාසල්වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් කුමාර දන්තනාරායන කියා සිටියේ.