
මැති ඇමතිවරුන් පැහැර හැර ඇති විදුලිබිල් ගෙවීම සඳහා සති දෙකක කාලයක් ලබාදී ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ප‍්‍රකාශ කළා.
ඒ, විදුලිබිල ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුකළ ප‍්‍රශ්න කිරීමට පිළිතුරු ලබාදෙමින්.
විදුලිබිල ගෙවීම පැහැර හැර තිබෙන වත්මන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, ඇමතිවරුන්ගේ බිල්පත්වලින් සියයට 60 කට වැඩි මුදලක් අයකරගෙන ඇති බවද එහිදී රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කෙරෙන ප‍්‍රශ්න සඳහා ඊයේ පාර්ලිමේන්තුව රැස්වුණා.