/
/
title icon
නත්තල් සැරසිලි ලෙස තැපෑලෙන් පැමිණි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි.
නත්තල් සැරසිලි ලෙස තැපෑලෙන් පැමිණි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි.
Editor
2 years ago
Share:
නත්තල් සැරසිලි ලෙස තැපෑලෙන් පැමිණි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි.

තැපැල් මගින් මෙරටට එවා තිබූ රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපල භාණ්ඩ ගැල් ගම්මානයේදී සොයාගෙන තිබෙනවා.

මාතර ප‍්‍රදේශයේ ව්‍යාජ ලිපිනයකට සැක සහිත පාර්සලයක් ලැබී තිබුණේ මෙක්සිකෝ රාජ්‍යයේ සිටයි. නත්තල් සැරසිලි සහ ඇඳුම් ලෙස හඟවමින් මෙම පාර්සලය මෙරටට එවා තිබූ බවයි රේගුව සඳහන් කළේ.

අදාළ තැපැල් පාර්සලය පිළිබඳව සැක සිතූ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් එය භාර ගැනීමට පැමිණි පුද්ගලයා ඉදිරිපිටදී එය විවෘත කර තිබුණා.

ඒ අනුව ග‍්‍රෑම් 650 ක පමණ අයිස් මත්ද්‍රව්‍ය ප‍්‍රමාණයක් එහි තිබී හමු වී ඇති අතර, තැපැල් පාර්සලය භාර ගැනීමට පැමිණි පුද්ගලයාද රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required