/
/
title icon කොරෝනා තවදුරටත් තර්ජනයක් නොවේ – ලෝක සෞඛ්‍ය සංවිධාන ප‍්‍රධානියා කියයි.
කොරෝනා තවදුරටත් තර්ජනයක් නොවේ – ලෝක සෞඛ්‍ය සංවිධාන ප‍්‍රධානියා කියයි.
Editor
1 year ago
Share:
කොරෝනා තවදුරටත් තර්ජනයක් නොවේ – ලෝක සෞඛ්‍ය සංවිධාන ප‍්‍රධානියා කියයි.

කොවිඩ් 19 වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ග්‍රේබියේසස් පවසනවා.

කොවිඩ් 19 වෛරසය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කෙරුණේ 2020 වසරේදීයි.

වෛරසය හිස එසවූයේ 2019 වසර අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින්.

2020 වනවිට කොවිඩ් 19 ගෝලීය වසංගතයක් බවට පත් වුණා.

කෙසේ වෙතත් තවමත් කොවිඩ් 19 චිනයට හිසරදක්.

චීනය කොවිඩ් 19 පාලනයට පැනවූ සෞඛ්‍ය සීමා ජනතා විරෝධය හේතුවෙන් ලිහිල් කර සහ ඉවත් කර තිබෙනවා.

ඒ අනුව වෛරසය ව්‍යාප්තිය පාලනයකින් තොරව සිදුවන බවද ඔහු ප‍්‍රකාශ කළා.

එහෙත් ලොව සෙසු රටවල මෙම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් බවත් සාර්ථක එන්නත්කරණයත් කොවිඩ් 19 වෛරසයේ සැර බාලවීමත් සමඟ වෛරස අවදානම කෙමෙන් පහව ගොස් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානියා කියා සිටියා.

ජීනීවා නුවර පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ තවදුරටත් කොවිඩ් 19 සම්බන්ධයෙන් බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required