/
/
title icon ප‍්‍රංශය, මොරොක්කෝව පරදයි – ලෝක පාපන්දු කිරුළ වෙනුවෙන් 18 වනදා ආර්ජන්ටිනාව සමඟ තරඟ බිමේ.
ප‍්‍රංශය, මොරොක්කෝව පරදයි – ලෝක පාපන්දු කිරුළ වෙනුවෙන් 18 වනදා ආර්ජන්ටිනාව සමඟ තරඟ බිමේ.
Editor
1 year ago
Share:
ප‍්‍රංශය, මොරොක්කෝව පරදයි – ලෝක පාපන්දු කිරුළ වෙනුවෙන් 18 වනදා ආර්ජන්ටිනාව සමඟ තරඟ බිමේ.

ලෝක කුසලාන දෙවන අවසන් පූර්ව තරඟය ජයගත් පසුගිය ලෝක ශූරයින් වන ප‍්‍රබල ප‍්‍රංශ කණ්ඩායම මෙවර ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ආජන්ටිනාවට එරෙහිව තරඟ වැදිමට සුදුසුකම් ලබා ගත්තා.

ඒ, ඊයේ රාත්‍රියේ පැවති දෙවන අවසන් පූර්ව තරඟය 2ට 0ක් ලෙස මොරොක්කෝව පරාජයට පත් කරමින්.

තරඟය ආරම්භයේදීම ප‍්‍රංශය වෙනුවෙන් ප‍්‍රථම ගෝලය වාර්තා කිරීමට තියෝ හර්නන්ඩස් සමත් වුණා.

තරඟයේ 5 වන මිනිත්තුවේදී ඔහු එල්ල කළ සුපිරි ප‍්‍රහාරය මොරොක්කෝ දැල් රකින්නා පසුකරමින් ගෝලයක් බවට පත්වුණා.

අනතුරුව තරඟයේ පළමු අර්ධය නිමාවනතුරු දෙපාර්ශවයම පාපන්දු පිටිය උණුසුම් කරමින් තරඟ වැදුන ද එය ගෝලයක් ලබා ගැනීමට තරම් ප‍්‍රමාණවත් වී නැහැ.

ඒ අනුව තරඟයේ පළමු අර්ධය නිමාවූයේ 1ට 0ක් ලෙස ප‍්‍රංශය පෙරමුණ ගෙනයි. දෙවන අර්ධයේදී යළි ක්‍රියාත්මක වූ ප‍්‍රබල ප‍්‍රංශ ක්‍රීඩකයින් තවත් ගෝලයක් සියරට ඉදිරියේ සටහන් කිරීමට සමත් වුණා.

රැන්ඩල් කොලෝ මුආනි විසින් 79 වන මිනිත්තුවේදී එම ගෝලය වාර්තා කළා.

ඒ අනුව එළඹෙන ඉරිදා එනම් 18 වනදා මෙවර ලෝක කුසලාන අවසන් මහා තරඟය ප‍්‍රංශය සහ ආජන්ටිනාව අතර පැවැත්වෙනු ඇති.

ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගත්තේ 6 වන වරටයි.

මීට පෙර අවස්ථා 5කදී ඔවුන් ලෝක කුසලාන අවසන් මහා තරගවලට සුදුසුකම් ලබා ඉන් දෙවරක් ලෝක ශූරයින් වී ඇති අතර තෙවරක් අනුශූරයින් වී තිබෙනවා.

ප‍්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරයක් සඳහා සුුදුසුකම් ලබාගත්තේ 4 වන වරටයි.

මීට පෙර තුන්වරක් ප‍්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරඟවලට සුදුසුකම් ලබා ඉන් දෙවරක් ලෝක ශූරයන් වී ඇති අතර එක් වරක් අනුශූරයින් වී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required