/
/
title icon 60 න් විශ‍්‍රාම ගැනීමේ තීරණය විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පමණක් ක්‍රියාවට නැංවීම අත්හිටුවමින් අතුරු නියෝගයක්.
60 න් විශ‍්‍රාම ගැනීමේ තීරණය විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පමණක් ක්‍රියාවට නැංවීම අත්හිටුවමින් අතුරු නියෝගයක්.
Editor
1 year ago
Share:
60 න් විශ‍්‍රාම ගැනීමේ තීරණය විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පමණක් ක්‍රියාවට නැංවීම අත්හිටුවමින් අතුරු නියෝගයක්.

අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව රාජ්‍ය සේවකයන් වයස අවුරුදු හැටේදී විශ‍්‍රාම ගැන්වීම සඳහා ගෙන ඇති තීරණය ‘‘විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරුන් ’’ සම්බන්ධයෙන් පමණක් ජනවාරි 25 වනදා දක්වා ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළා.

ඒ විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

පෙත්සම ඊයේ සලකා බැලූ අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන්පුල්ලේ මූලික විරෝධතාවක් මතු කළා.

ඒ රාජ්‍ය සේවා කොමිසම කි‍්‍රයාත්මක කරන තීරණයක් සම්බන්ධයෙන් සලකා බැලීමට අභියචනාධිකරණයට බලයක් නොමැති බවට සඳහන් කරමින්.

කෙසේ වෙතත්, කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ජනවාරි 24 තෙක් කල් දැමීමට තීන්දු කළා.

අනතුරුවයි, ජනවාරි 25 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි අදාළ අතුරු නියෝගය නිකුත් කෙරුණේ.

පෙත්සම්කාර වෛද්‍යවරුන් පවසන්නේ විශේෂඥ වෛද්‍යවරුන් අවුරුදු 60 දී විශ‍්‍රාම ගැන්වීමට ගත් තීරණය අත්තනෝමතික මෙන්ම අසාධාරණ තීන්දුවක් බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ට අවම වශයෙන් අවුරුදු 63 දක්වා සේවය කිරීමට අවස්ථාව පැවතිය යුතු බව ඔවුන් සඳහන් කරනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required