පසුගිය ජුනි මස පළවැනිදා සිට දෙසැම්බර් 14 දක්වා දකුණු පළාතේ වෙඩි තැබීමේ සිද්ධීන් පමණක් 16 ක් වාර්තා වී ඇති බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
එමෙන්ම දකුණු පළාතේ පමණක් නමගිය අපරාධකරුවන් 9 දෙනෙකු පමණ විදෙස් ගත වී ඇති බවද ඔහු කියා සිටියා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ ගාලූ දිසා අපරාධ කොට්ඨාශය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.
මේ අතර, අංගොඩ – මුල්ලේරියාව – බාරෝන් තිලකානන්ද මාවතේ නිවසක තිබී රුපියල් කෝටි 33 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයෙකු වන ජිලේ නමැත්තාට අදාළ මත්ද්‍රව්‍ය තොගය අයත් වන බවටයි වැටලීම සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.