/
/
title icon හුණුපිටිය – ගංඟාරාමය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ සන්නස් පත‍්‍රය ජනපති පිළිගන්වයි.
හුණුපිටිය – ගංඟාරාමය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ සන්නස් පත‍්‍රය ජනපති පිළිගන්වයි.
Editor
1 year ago
Share:
හුණුපිටිය – ගංඟාරාමය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ සන්නස් පත‍්‍රය ජනපති පිළිගන්වයි.

ඓතිහාසික හුණුපිටිය – ගංඟාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ ශ‍්‍රී සන්නස් පත‍්‍රය ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමිපාණන් වෙත අද පිළිගන්වා තිබෙනවා.

ඊයේ දිනයට යෙදී තිබූ ගංගාරාම විහාරාධිපති හිමිපාණන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා විහාරස්ථානය වෙත පැමිණ උන්වහන්සේගේ සුවදුක් ද විමසා සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර, මෙරට උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් මිලියන 74 යි දශම 87 ක් වටිනා මෙම උපාය මාර්ගික සැලසුම 2023 වසරේ සිට 2027 වසරේ දෙසැම්බර් දක්වා ක‍්‍රියාත්මකයි.

රෝමයේ සිටින ලෝක ආහාර වැඩසටහනෙහි විධායක අධ්‍යක්ෂ ඬේවිඞ් එම් බිස්ලි විසින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් මේ බව දැනුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම, ණය ගෙවීමට හැකි ආර්ථිකයක් තමන් ගොඩනගන බවත් ඊට සියලූ පාර්ශවයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ 70 වසරක ශ‍්‍රී ලංකා ජපන් සබඳතාවයට සමගාමීව ටොයෝටා ලංකා සමාගම කඩවත ප‍්‍රදේශයේ ඉදිකළ මෝටර් රථ අමතර කොටස් සැපයුම් මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required