ආනයනික බොරතෙල් නොමැතිවීම හේතුවෙන් වසා දමා තිබූ සපුගස්කන්ද පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු හෙට සිට යළිත් ආරම්භ කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
මර්බර්න් නමැති ආනයනික බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000 ක් රැගත් නෞකාවක් කොළඹ වරායට සේන්දු වී ඇති අතර ඒවා සපුගස්කන්ද පිරිපහදු සංකීර්ණය වෙත ගොඩබෑමේ කටයුතු සිදුකරමින් පවතින බවයි එම සංස්ථාව ප‍්‍රකාශ කළේ.
එමෙන්ම, තවත් මෙට්‍රික් ටොන් 90,000 ක බොරතෙල් තොගයක් ආනයනය කිරීමට අවශ්‍ය ප‍්‍රසම්පාදන කටයුතු දැනටමත් අවසන් කර තිබෙනවා.
ඒ අනුව, යළිත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආරම්භ කළ හැකි බැවින් පූර්ණ ධාරිතාවයෙන් යුතුව පිරිපහදු නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප‍්‍රකාශ කළේ.
එමගින් ඩීසල් මෙට්‍රික් ටොන් 1600 ක් ද පෙට‍්‍රල් මෙට්‍රික් ටොන් 550 ක් ද භූමිතෙල් හා ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 950 ක්ද, දිනකට වෙළඳපොලට නිකුත් කිරීමේ හැකියාව පවතින බවද එම සංස්ථාව කියා සිටියා.