/
/
title icon ශ‍්‍රී ලංකාව ඩොලර් බිලියන 8 ක් අපේක්ෂාවෙන් – විදේශ ඇමති කියයි.
ශ‍්‍රී ලංකාව ඩොලර් බිලියන 8 ක් අපේක්ෂාවෙන් – විදේශ ඇමති කියයි.
Editor
1 year ago
Share:
ශ‍්‍රී ලංකාව ඩොලර් බිලියන 8 ක් අපේක්ෂාවෙන් – විදේශ ඇමති කියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීමට අමතරව බහු පාර්ශවික ආයතනවලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක ණය මුදලක් ශ‍්‍රී ලංකාව අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය අලි සබ්රි ප‍්‍රකාශ කරනවා.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර තිබුණේ රාජ්‍ය වත්කම් ප‍්‍රතිව්‍යූහගතකරණය තුලින් ඩොලර් බිලියන 3 ක් උපයා ගැනීමට ශ‍්‍රී ලංකා රජය අපේක්ෂා කරන බවයි.

මේ අතර, පැරිස් සමූහය, ජපානය සහ චීනය ඇතුළු මෙරට ද්වීපාර්ශවික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීම සඳහා මහබැංකු තවදුරටත් ක්‍රියාකරමින් සිටින බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප‍්‍රකාශ කළා.

ඒ, ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිපතිවරුන්ගේ සංගමයේ වාර්ෂික පර්යේෂණ සම්මන්ත‍්‍රණයට ඊයේ එක්වෙමින්.

එම ක‍්‍රියාවලිය මෙම මාසය තුල සිදු කර ගැනීමට හැකි නොවුණ ද, ලබන ජනවාරි මාසයේදී එය සම්පූර්ණ කර ගත හැකි බවයි මහබැංකු අධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

මේ වනවිට මූල්‍ය සහතික ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බවත්, මෙරට සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරිපත් කිරීමෙන් කෙටි කාලයක් තුල එරට ආර්ථිකය ස්ථාවර කර ගත හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ වනවිට ලැබෙන බදු මුදල් මීට පෙර ලබා ගත් පියවීම් සඳහා යොදා ගනු ලබන හෙයින් එය සාර්ථික ආයෝජනයක් නොවන බවයි මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ.

එම අවස්ථාවලදී නිවැරදි මග පෙන්වීමක් සිදුකිරීමට සහ ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට ස්වාධීන ආයතනයක් අවශ්‍ය බැවින් ඵලදායි කොමිසමක් දේශපාලන අතපෙවීම් වල තොරව ක්‍රියාත්මක විය යුතු බව ද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ ද්වීපාර්ශවික ණය හිමියන්ගෙන් ශ‍්‍රී ලංකාවට මූල්‍ය සහතිකය තවමත් ලැබී නැතත් ඔවුන් ශ‍්‍රී ලංකාවට සහය දක්වන අභිප‍්‍රාය සම්බන්ධයෙන් එම රටවලට ස්තූතිය පුද කරන බවයි.

එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත සහනය මෙම මාසයේදී නොලැබුණත් ලබන වසර මුලදී එම කි‍්‍රයාවලිය සම්පූර්ණ කර ගැනීමට බලධාරින් ප‍්‍රගතිශීලි සාකච්ඡා පවත්වමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required