කොල්ලූපිටියේ සිදුවූ මාරක රිය අනතුරෙන් පසු අනතුර සිදුකළ මෝටර් රථයේ පැමිණි කාන්තාවට පහරදීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකාරිය වන 24 හැවිරිදි කාන්තාව පානදුර ප‍්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත්තා.
ඇයගේ ඡායාරූපයක්ද පෙරේදා පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.
මීට පෙර මෙම පහරදීමට අදාළව සනීපාරක්ෂක සේවයේ නියුතු කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර මේ වනවිට ඔවුන් රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.
ඊට අමතරව මෙම මාරක රිය අනතුර සිදුකර ඩුබායි වෙත පළාගොස් යළි දිවයිනට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
පසුගිය 10 වනදා උදෑසන 06.30 ට පමණ බම්බලපිටියේ සිට ගාලූමුවදොර දෙසට සැකකරු ධාවනය කළ මෝටර් රථය, ඉදිරියෙන් ධාවනය වූ ත‍්‍රීරෝද රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරෙන් එහි රියදුරු මියගොස් තිබුණා.
පසුව මෝටර් රථයේ පිටුපස පැමිණි කාන්තාවකට තවත් කාන්තාවන් කිහිපදෙනෙකු පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වුණා. මෝටර් රථය පැදවූ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි මොහොමඩ් රසුල් මොහොමඞ් රිෂාක් එදිනම උදෑසන 09 යි 55 ට පමණ ඩුබායි බලා පිටත්ව ගොස් තිබූ බවයි පසුව අනාවරණ වුණේ.
අනතුරින් මියගියේ පොල්ගස් ඕවිට පදිංචි 53 හැවිරිදි නූර්දින් තුවාන් නැමැත්තෙක්.