/
/
title icon හිටපු උප කුලපතිට පහරදීමේ සිද්ධියට ඇල්ලූ තවත් සිසුන් දෙදෙනෙකු රිමාන්ඩ්.
හිටපු උප කුලපතිට පහරදීමේ සිද්ධියට ඇල්ලූ තවත් සිසුන් දෙදෙනෙකු රිමාන්ඩ්.
Editor
1 year ago
Share:
හිටපු උප කුලපතිට පහරදීමේ සිද්ධියට ඇල්ලූ තවත් සිසුන් දෙදෙනෙකු රිමාන්ඩ්.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුත‍්‍රයාට පහරදීමේ සිද්ධියට අදාලව ඊයේ අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් ඊයේ මහනුවර මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම සිද්ධියට අදාළව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති මුළු සිසුන් සංඛ්‍යාව 12 ක්.

මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨය මෙම සතියේ වසා දමා තිබෙනවා. එහි පීඨාධිපති ආචාර්ය ප‍්‍රභාත් ඒකනායක කියා සිටියේ ආචාර්යවරුන් ලබන 18 වනදා දක්වා වර්ජනයක නිරත වීම ඊට හේතුව බවයි.

පසුගිය 10 වනදා එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුත‍්‍රයාට පහරදීමේ සිද්ධියත් සමග තමන්ට ද විශ්වවිද්‍යාලය තුල නිසි ආරක්ෂාවක් නොමැති බව පවසමිනුයි ශාස්ත‍්‍ර පීඨයේ ආචාර්යවරුන් ඊයේ මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ.

මේ අතර, හෝමාගම – පිටිපන ප‍්‍රදේශයේ හෝමාගම පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන භික්ෂුන් වහන්සේ පැවැත්වූ උද්ඝෝෂණයේදී පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ දෙනමක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නවක සිසුන් පිරිසකට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගෙන ඇති විනය ක්‍රියාමාර්ග වලට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

මේ අතර, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් සහ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය අතර ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා.

අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම ඇතුළු කරුණු 3 ක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required