බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ලබන සදුදා සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද පස්වරු 04 සිට ලබන සදුදා පස්වරු 04 දක්වා විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් ඉවත්වීමට සියලූ නේවාසික සිසුන්ට අවස්ථාව ලබාදී ඇති බවයි එම විශ්ව විද්‍යාලයේ උපකුලපති පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමි කියා සිටියේ.
මේ අතර නවක වද සිද්ධියකට අදාළව බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පූජ්‍ය තලාවේ ධම්මික හිමියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හෝමාගම පොලිසිය විසින් සැකකාර හිමිනම අද අත්අඩංගුවට ගත් බවයි.
පසුව එම හිමිනම හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.