/
/
title icon සීමා නිර්ණය ගැන දේශපාලන සමඟ සාකච්ඡාවක්.
සීමා නිර්ණය ගැන දේශපාලන සමඟ සාකච්ඡාවක්.
Editor
1 year ago
Share:
සීමා නිර්ණය ගැන දේශපාලන සමඟ සාකච්ඡාවක්.

සීමානිර්ණය කිරීමෙන් පසු මැතිවරණය පැවැත්වුවහොත් තවත් මාස හයකින් පළාත්පාලන ඡන්ද විමසීම කල් යනු ඇතැයි සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ඔහු කියා සිටියේ දේශපාලන පක්ෂ සමඟ සීමානිර්ණ කටයුතු පිළිබඳ සාකච්ඡුාවක් එළැඹෙන 20 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති බවයි.

පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කෙරෙන අයුරින් අලූතින් එම ආයතනවල බල ප‍්‍රදේශවල සීමා නිර්ණය කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පසුගිය නොවැම්බර් මස මුලදී මෙම සීමානිර්ණ කමිටුව පත්කරනු ලැබුවා.

එහිදී පළාත් පාලන ආයතනවල දැනට පවතින සභික සංඛ්‍යාව 5,100 ත්, 5,200 ත් අතර අගයක් දක්වා අඩු කර ගැනීමට හැකිවනු ඇති බවයි කොළඹ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ.

මේ අතර, පළාත්පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙසට මැතිවරණ කොමිසන් සභාවට නියෝග කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය ඇතුලූ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් ගොනුකළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද සළකා බැලෙනවා.

පසුගිය සඳුදා එක් පෙත්සමක් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ මහාචාර්ය ජී.එල් පීරිස් විසින් ගොනුකළ අතර අනෙක් පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප‍්‍රියදර්ශන යාපා සහ එම්.ඒ සුමන්දිරන් යන මන්ත‍්‍රීවරුන් විසින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required