ලබන ඉරිදා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලූ කටයුතු මේ වනවිට සුදානම් කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර, විභාගයට පෙනී සිටින දරුවන් සඳහා විශේෂ ආශිර්වාදාත්මක බෝධි පුජාවක් ඊයේ පැවැත්වුනේ අනුරාධපුර රුවන්වැලි මහ සෑය පුජා භුමියේදියි.
එහිදී අදහස් දැක්වූ රුවන්වැලි සෑ විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නාහිමියන් කියා සිටියේ දරුවන් මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කරගැනීම සඳහා කටයුතු කළ යුතු බවයි.
එසේම ඉගෙනීම දරුවන්ට ලබාගත හැකි හොඳම දායාදයක් බවද උන්වහන්සේ පෙන්වා දුන්නා.