/
/
title icon පැහැරගෙන ගොස් බොරැල්ල කනත්තෙන් හමුවූ ජනශක්ති අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මියයයි.
පැහැරගෙන ගොස් බොරැල්ල කනත්තෙන් හමුවූ ජනශක්ති අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මියයයි.
Editor
1 year ago
Share:
පැහැරගෙන ගොස් බොරැල්ල කනත්තෙන් හමුවූ ජනශක්ති අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මියයයි.

බරපතල තුවාල සහිතව මෝටර් රථයක බොරැල්ල සුසාන භූමියේ දමාගොස් සිටියදී හමුවූ ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ෂාෆ්ටර් මියගොස් තිබෙනවා.

අත්දෙක ගැටගසා දැඩි ලෙස පහරදී පටියකින් ගෙළ සිර කර තිබූ ඔහුව ඊයේ පස්වරුවේ සොයාගැනීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.

කෙසේ වෙතත් ඊයේ රාත‍්‍රියේ දිනේෂ් ෂාෆ්ටර් මියගිය බවයි  රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.

දිනේෂ් ෂාෆ්ටර්, ක්‍රිකට් පරිපාලකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන චන්ද්‍රා ෂාෆ්ටර් ගේ පුත‍්‍රයෙකු වනවා.

රුපියල් කෝටි ගණනක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයෙකු හමුවීම සඳහා යන බව බිරිඳට පවසා කොළඹ හත – මල් පාරේ පිහිටි සිය නිවසින් ඊයේ පස්වරුවේ ඔහු පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව බිරිඳ ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතර, එහිදී ඔහුගේ දුරකථනය ක‍්‍රියා විරහිත වී තිබෙනවා.

අදාළ දුරකථනය බොරැල්ල සුසාන භූමිය අසළ තිබෙන බවට දිනේෂ් ෂාෆ්ටර් ගේ බිරිඳ පසුව අනාවරණ කරගෙන ඇත්තේ දුරකථනය හරහා ලැබී ඇති සංඥා අනුවයි.

ඒ පිළිබඳව සැක සිතූ ඇය, සමාගමේ නිලධාරියෙකු සුසාන භූමිය වෙත එවා ඇති බව සඳහන්.

එහිදී දිනේෂ් ෂාෆ්ටර් මෝටර් රථයේ රියදුරු අසුන මත අසාධ්‍ය තත්වයෙන් සිටිනු දැක පසුව සුසාන භූමියේ කම්කරුවෙකුගේ සහය ඇතිව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව තවදුරටත් කියා සිටියේ මියගිය ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇති පැමිණිලි කිහිපයක් මුල් කරගනිමින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required