දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ යාත‍්‍රා කරමින් තිබූ සැකකටයුතු බහුදින ධීවර යාත‍්‍රාවක තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 200කට අධික තොගයක් සමග ශ‍්‍රී ලාංකික සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සමුදුර නෞකාවේ දින ගණනක් රැදී සිටිමින් මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ ශ‍්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධවයි.
දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ යාත‍්‍රා කරමින් තිබූ සැකකටයුතු බහුදින ධීවර යාත‍්‍රාවක් පරීක්‍ෂාවට ලක් කිරීමෙන් අනතුරුව සූක්‍ෂම ලෙස සඟවා ප‍්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 200 කට අධික තොගයක් සොයා ගැනුණු බවයි නාවික හමුදාව සදහන් කළේ.
එහිදී සැකකරුවන් පිරිසක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ශ‍්‍රී ලාංකිකයින් බව නාවික හමුදාව සඳහන් කළා.
මේ අතර සමුදුර නෞකාව මඟින් අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත‍්‍රාවට ඉන්ධන ලබාදීමට පැමිණි තවත් මෙරට බහු දින ධීවර යාත‍්‍රාවක් සමඟ සැකකරුවන් හයක් නාවික හමුදාව මඟින් එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෙරේදා දිනයේදී අදාල මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ බහුදින ධීවර යාත‍්‍රා දෙක ගොඩබිමට රැගෙන එමින් පවතින බවයි නාවික හමුදාව සදහන් කළේ.
මේ අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතය මෙරට ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර, මත් ජාවාරම්කරුවන්ගේ ප‍්‍රධානතම ඉලක්කය බවට පත්ව ඇත්තේ පාසල් දරුවන් බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
ඒ අතරින් පාසල් සිසුවියන් විශාල ලෙස මෙම ව්‍යවසනයට ගොදුරු වෙමින් ඇති බව ද වාර්තා වනවා.