/
/
title icon සපුගස්කන්ද පිරිපහදුවේ වැඩ ඇරඹේ.
සපුගස්කන්ද පිරිපහදුවේ වැඩ ඇරඹේ.
Editor
1 year ago
Share:
සපුගස්කන්ද පිරිපහදුවේ වැඩ ඇරඹේ.

ආනයනික බොරතෙල් නොමැතිවීම හේතුවෙන් මාස හතරක කාලයක් වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු අද සිට යළි ආරම්භ කෙරුණා.

මර්බර්න් නමැති ආනයනික බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000 ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පසුගියදා සේන්දු වූ අතර ඒවා සපුගස්කන්ද පිරිපහදු සංකීර්ණය වෙත ගොඩබෑමේ කටයුතු සිදු කෙරුණු බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප‍්‍රකාශ කළේ.

එමෙන්ම, තවත් මෙට්‍රික් ටොන් 90,000 ක බොරතෙල් තොගයක් ආනයනය කිරීමට අවශ්‍ය ප‍්‍රසම්පාදන කටයුතු දැනටමත් අවසන් කර තිබෙනවා.

ඒ අනුව, යළිත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව පූර්ණ ධාරිතාවයෙන් යුතුව පිරිපහදු නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප‍්‍රකාශ කළේ.

එමගින් ඩීසල් මෙට්‍රික් ටොන් 1,600 ක්ද පෙට‍්‍රල් මෙට්‍රික් ටොන් 550 ක්ද, භූමිතෙල් හා ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 950 ක්ද, දිනකට වෙළඳපොලට නිකුත් කිරීමේ හැකියාව පවතින බවද එම සංස්ථාව කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required