
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ අඩු පීඩන තත්වයක් හටගෙන තිබෙනවා. ඒ හේතුවෙන් හෙට සිට උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.
එසේම ගිණිකොණ දිග බෙංගාල බොක්ක සහ නිරිතදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 ත් 60 ත් දක්වා ඉහළ යාමේ හැකියාව පවතිනවා.
එබැවින් මෙම මුහුදු ප‍්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේදී අවධානය යොමු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.