මෙරට ණය ප‍්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය සම්බන්ධයෙන් 03 වන සාකච්ඡා වටය ඊයේ පවත්වා තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ විනිවිදභාවයෙන් යුතුව ණය ප‍්‍රතිව්‍යුහගත ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට රජය බලාපොරොත්තු වන බවයි.
ඊයේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව ඔහු කියා සිටියේ ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ ණය මුදල ශ‍්‍රී ලංකාවට ලබා නොදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිසිවිටෙකත් තීරණය කර නොමැති බවයි. සිදුව ඇත්තේ එම ණය මුදල් දෙසැම්බර් මාසයේදි ලබා දීමට අනුමැතිය ලබා නොදීම පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
කෙසේ වෙතත්, සමගි ජනබලවේගය කොළඹ ඊයේ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ප‍්‍රකාශ කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දී ඇති කරුණු සම්බන්ධයෙන් රජයේ ප‍්‍රමාදය හේතුවෙන් අදාළ ණය සඳහා මෙතෙක් අනුමැතිය ලබාදී නොමැති බවයි.