/
/
title icon චීනයෙන් ශ්‍රී ලංකාවේ ණය ගැන සුබවාදී බලාපොරොත්තුවක්
චීනයෙන් ශ්‍රී ලංකාවේ ණය ගැන සුබවාදී බලාපොරොත්තුවක්
Editor
1 year ago
Share:
චීනයෙන් ශ්‍රී ලංකාවේ ණය ගැන සුබවාදී බලාපොරොත්තුවක්

ලොව විවිධ රටවල් මුහුණදී ඇති ණය අර්බුදය ගැන සාකච්ඡා කිරීම සඳහා වටමේස සාකච්ඡාවකට එකඟවීමට චීනය එකඟතාව පළ කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රධානී ක‍්‍රිස්ටලීනා ජියොජියේවා පවසනවා.

ඇය සඳහන් කළේ මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාව වැනි රටවල් සඳහා ණය සහන වැඩපිළිවෙලද කඩිනමින් සිදුකිරීමට හැකිවනු ඇති බවයි.

මේ අතර ශ‍්‍රී ලංකාව සහ සැම්බයාව වැනි රටවල ණය අර්බුදය කළමනාකරණය කිරීමට චීනය විසින් ගන්නා ක‍්‍රියාමාර්ග අගය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක‍්‍රිස්ටලිනා ජියෝජියේවා පසුගියදා ප‍්‍රකාශ කර තිබුණා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක‍්‍රිස්ටලිනා ජියෝජියේවා චීන අග‍්‍රාමාත්‍ය ලී කෙකියාන් අතර මීට පෙර පැවැත් වූ සාකච්ඡාවෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කළා.

ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බහු පාර්ශ්වික සංවර්ධන බැංකු සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මූල්‍ය ප‍්‍රතිපාදන කඩිනමින් එම රටවලට ලබාදිය යුතු බවයි.

චීන ආර්ථිකය ලෝකයට විවර කිරීමට සහ එය ලෝකයට රැගෙන යාමට චීනය විසින් ඉදිරිපත් කළ ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ අතිශය සාර්ථක බවද ඇය පෙන්වා දෙනවා.

මේ අතර ශ‍්‍රී ලංකාව සහ සැම්බියාව වැනි රටවල්වලට ණය ආධාර ලබාදීමේ ක‍්‍රමවේදය වේගවත් කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පසුගියදා සඳහන් කර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required