
පන්දුවාර 20 ක්‍රිකට් තරඟයකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව අලූත් කරමින් සිඩ්නි තන්ඩර් කණ්ඩායම ලකුණු 15කට දැවී ගොස් තිබෙනවා.
ඒ, මෙවර බිග් බෑෂ් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ ඇඩිලේඞ් ස්ට‍්‍රයිකර්ස් කණ්ඩායම සමඟ පැවති තරඟයේදීයි.
මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඇඩිලේඩ් ස්ට‍්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 139 ක් ලබා ගත්තා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිඩ්නි තන්ඩර් කණ්ඩායමට පන්දුවාර 5යි පන්දු 5ක් තුළ දී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 15ක් පමණයි.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ චෙක් ජනරජ කණ්ඩායම හමුවේ ලකුණු 21 කට දැවීගිය තුර්කි කණ්ඩායමයි.