පාස්කු ඉරුදින කොළඹ කිංග්ස්බරි හෝටලයට බෝම්බ ප්රහාරයන් එල්ල කළ සිද්ධියට අදාළව වසර 03 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි රිලා මර්ෂුක් නැමැති 08 වන සැකකරු ඇපමත මුදාහරින ලෙස කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ නියෝග කළා.
එම සැකකරුට ඇප ලබාදීමට විරෝධතාවයක් නොමැති බවට නීතිපතිවරයා ලබාදී ඇති උපදෙස් අනුවයි මහේස්ත්රාත්වරයා ඇප ලබාදීමට පියවර ගත්තේ.
ඒ අනුව රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමටයි මහේස්ත්රාත් තිලිණ ගමගේ නියෝග කළේ.
කිංග්ස්බරි හෝටලයට බෝම්බ ප්රහාරය එල්ල කරමින් මියගිය මරාගෙන බෝම්බකරුගේ බිරිඳ සහ තවත් සැකකරුවෙකු තවදුරටත් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මෙහිදී මහේස්ත්රාත්වරයා තවදුරටත් නියෝග කළේ.